1 එදා රා තැබෑරුම හරි සරුයි කොල්ලනේ,
කට බිඳී රා කලය හැලිලාය දෙයියනේ!
දවාලට තැලුන ඇඟ දොස් හරින තුරු දිනේ,
අපි එකට රා බීව කාලෙ මතකද ගුනේ?
2 සත දෙකට රා කට්ට කට වටේ පිපෙන්නේ,
අට
පහටපව් නොකොට අපි කෙලින් හිටියනේ,
ජෝතිගේ සින්දු වැල් කට පුරා කියවුනේ,
ඩොල්කි හම් පිපිරිච්චි ඒ සින්දු ගොලු වුනේ.
3 රෝසි සිසිලින් බිසෝ මෙහෙ වරෙව් කෙල්ලනේ,
අපි එකට කවි කීව තාලෙ කියහං අනේ,
ගමේ වස රා ගුඩ්ඩො අපි තමයි පැංචනේ,
වයස හැට පැන්නුවත් අපේ ඇඟ යකඩනේ.
4 පොල් කිතුල් තල් මලට හිනැහෙනා මුට්ටියේ,
තෙල් දියට වහ වැටුනු උගුඩුවන් රෑ පැයේ,
මලේ පෙරෙනා කඳුළු උරා බී රාවයේ,
ගමේ ගෑනුන් පිරිමි ඇහැරවයි මුර පැයේ.
5 උරේ උඩ නිදා ගෙන උදළු කැති වඩින්නේ,
මුරේ වැඩ මුදා ගෙන කඩුලු වත වහන්නේ,
ඇඟේ නුහු ගුණ යන්ට කඩපිලට වදින්නේ,
අගේ මුහු රා පොජ්ජ හවස කැටි කරන්නේ.
6 රේඩියෝ ටැලිවිෂන් ගමට ආවා පුතේ,
අපේ කල ගත වෙච්ච තාලෙ ඉවරයි පුතේ,
රට බීර කොන්පැනිය මෙහෙට ආවා පුතේ,
තල් කිතුල් පොල් මලේ කාලෙ ඉවරයි පුතේ.
7 මීරා කඩේ ලොකු වී වැඩුනා කොල්ලෝ,
බෝතල මූඩි එකිනෙක ඇරියා ලොල්ලෝ,
ඒරොප්පයට දන බිම ඔබනා ගොල්ලෝ,
මත් වී මතට ගම වික්කා නොවැ කොල්ලෝ.
8 ඉර අහරින්ඩ පෙර නැගිටපු ඒ කාලේ,
ඇඟ දහ හලන තුරු වැඩ කෙරුවා අපි පෑලේ,
ඕපාදූප වැල් කියවපු කට බාලේ,
හේනට වෙලට යන මග තැබුවයි රාලේ.
9හැදුනා පුතේ අපි හිංගලකමට පෙර,
වැඩුනා හිතේ හොඳ දේ රැක ගන්ට චිර,
වැටුනා ගමේ මහ කරදඬු උඩ පාර,
නැහුනා ගමේ හැම දේ රජවෙයි බීර.